හිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා
සිත එක තැනක තියා.. ගන්නට බැහැ වගෙයි ඔයා..
ඔය ළා දෙතොල් තියා.. මා මුව සනසවයි ඔයා
මා ඔය උකුළේ හොවා.. ගන්නකො ආදරෙයි කියා..
මා හා..
විහිළුවෙන් බොළඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොන තරම්.. ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
ලස්සන පාටට හිනැහුණු හීනෙට මුලකුරක් හෙව්චා..
හීන ඉසව්වට රජ කල කුමරෙක් ආදරෙ කිව්වා..
හීන කතන්දර ඔහොමමයි
සැබෑ වෙන්නෙ නෑ සත්තමයි ආදරී...
විහිළුවෙන් බොළඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොන තරම්.. ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
රන්වන් දෙතොලට දිලිසෙන පාටට ආදරෙයි කිව්වේ නෑ
මං ළඟ නවතින ලස්සන හදවත් ඔයාගේ හීනෙ නෑ
බොළඳ උනත් හරි සුන්දරයි
පීවිතේ හරි ලස්සනයි ඇත්තමයි...
විහිළුවෙන් බොළඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොන තරම්.. ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ..
හිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා
සිත එක තැනක තියා.. ගන්නට බැහැ වගෙයි ඔයා..
ඔය ළා දෙතොල් තියා.. මා මුව සනසවයි ඔයා
මා ඔය උකුළේ හොවා.. ගන්නකො ආදරෙයි කියා..
මා හා..
විහිළුවෙන් බොළඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොන තරම්.. ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ...
විහිළුවෙන් බොළඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොන තරම්.. ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ...