හිත මා සොරා ගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ..
හිම වාගේ සුන්දර හසකැන් රඳවා හදේ..
මුමුණා කියන්නේ නල රැලින් කඳු මානයේ..
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ..
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ..
දුර ඈ ත ගංතෙරේ.. සැඩ සීත මාරුතේ..
වෙළී ගත ඈ දෑත ගෙන මා.. හීන් වැහි කෝඩයේ..
මුව කමල ආදරෙන්.. සිප ගතිමි සීරුවෙන්..
හැඟුම් මතකයි.. රැඳුණ නෙතගේ.. එවන් සැන්දෑ කලේ..
හිත මා සොරා ගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ..
හිම වාගේ සුන්දර හසකැන් රඳවා හදේ..
මුමුණා කියන්නේ නල රැලින් කඳු මානයේ..
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ..
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ...
විලෝතුරු මංපෙතේ.. සඳ උවන පිපී රැයේ..
කෝල ලෙස ඈ දෑස සැලුවේ.. දෑල වැල් පාලමේ..
හද විලම ආදරෙන්.. සසල විය මුදු සරින්..
හැඟුම් සොඳුරුයි.. රැදුණ මතකේ.. එවන් සැන්දෑ කලේ..
හිත මා සොරා ගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ..
හිම වාගේ සුන්දර හසකැන් රඳවා හදේ..
මුමුණා කියන්නේ නල රැලින් කඳු මානයේ..
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ..
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ..