සිතුල්පව්ව වෙහෙර ළඟට සඳක්‌ පායලා

Sithul Pawwa Wehera Langata

namal udugama
සිතුල්පව්ව වෙහෙර ළඟට සඳක්‌ පායලා Lyrics

සිතුල්පව්ව වෙහෙර ළඟට සඳක්‌ පායලා
කුසල්‌ වලින්‌ හුඟක්‌ අරන්‌ යන්න පේවිලා
විසල්‌ පුරේ... විශාකාව ලෙසින්‌ නෙතු සලා..
අවසර නෑ ඇස්‌ දෙක ළඟ ඉන්න නැවතිලා..

අසල්වැසි ළඳක්‌ වාගේ තෝරන බහ නම්
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්

හිත ඇතුලෙන්‌ දුරක්‌ ගිහින්‌ මගෙම වෙලා දැන්‌
මම අමතක කරන්නේ නැ කොළඹ එනවා නම්‌

සිතුල්පව්ව වෙහෙර ළඟට සඳක්‌ පායලා
කුසල්‌ වලින්‌ හුඟක්‌ අරන්‌ යන්න පේවිලා
විසල්‌ පුරේ... විශාකාව ලෙසින්‌ නෙතු සලා..
අවසර නෑ ඇස්‌ දෙක ළඟ ඉන්න නැවතිලා..

සිදාදියේ කිරිල්ලියන්‌ තරඟ කරාවී
මොණර පැටික්කියගේ රුවට තරහ ගනීවී

තව මොහොතින්‌ විහාරයෙන්‌ බස්‌ එක යාවී
දුරස්‌ වෙන්න එපා මගේ රුහුණු කුමාරි

සිතුල්පව්ව වෙහෙර ළඟට සඳක්‌ පායලා
කුසල්‌ වලින්‌ හුඟක්‌ අරන්‌ යන්න පේවිලා
විසල්‌ පුරේ... විශාකාව ලෙසින්‌ නෙතු සලා..
අවසර නෑ ඇස්‌ දෙක ළඟ ඉන්න නැවතිලා..
අවසර නෑ ඇස්‌ දෙක ළඟ ගන්න නැවතිලා..
අවසර නෑ ඇස්‌ දෙක ළඟ ඉන්න නැවතිලා..
අවසර නෑ ඇස්‌ දෙක ළඟ ඉන්න නැවතිලා...

Video thumbnail