සිතුවිලි සිරවී හදවත පතුලේ

sithuwili sirawee hadawatha pathule

Bandara Athauda
සිතුවිලි සිරවී හදවත පතුලේ Lyrics

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැලපෙනවා..
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත්‌ අසරණ වෙනවා..

ඔබෙ සෙනෙහස දැක
සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත්‌ වැටහෙන්නේ..
සුසුම්‌ නිම්‌නයේ තනිවන්නට නම්‌
මේ ලෙස ඇයි අප හමුවන්නේ..

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැලපෙනවා..
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත්‌ අසරණ වෙනවා..

මිලාන වු මල්‌ ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන්‌ හිනැහෙද්දී..
ලොව දහසක්‌ නෙත්‌ හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී..

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැලපෙනවා..
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත්‌ අසරණ වෙනවා..

Video thumbnail