Sitti maneela Lyrics
මරදානෙන් එන සිට්ටි මනීලයි..
මුහුණ වසාගෙන කළු රෙදි රෑනයි..
ලේ බිඳ පිසලන්නට මාගේ..
ඔබ එන්නට ඕනෑ නෑ..
පල්ලියේ ළඟ ගිවිසුම් ආලෙට..
මගෙ හදවත ඉවසුම් නෑ..
හරි ලස්සන සමනළ තාලය..
මුමුණන තැන් ඕනෑ නම්..
ගඟ අද්දර මල් ගොමු ගාවට..
හඳ නැති රෑකදි එන්නම්..
හැරදමා යමි හිතුවක්කාරෙන්..
වරදවා නොසිතන්න ඉතින්..
හැරදමා යමි හිතුවක්කාරෙන්..
වරදවා නොසිතන්න ඉතින්..
මුහුණ වසාගෙන කළු රෙදි රෑනයි..
ඒ රැස් මුදු දිලිසෙන තාලේ...
පළඳන්නට මට නම් බෑ..
කල් ගිය පෙම් මිහිරෙන් සීලය..
මට විඳගන්නට නම් බෑ..
මරදානෙන් එන සිට්ටි මනීලයි..
මුහුණ වසාගෙන කළු රෙදි රෑනයි..