සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන Lyrics
සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්
ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා..
මහා පොළොව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා..
සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්
ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා..
ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත හෙළි කල
පහන් ටැඹක් වේවා..
සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්
ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා..