සියුම්‌ තැන්‌ රතු වෙලා..

Siyum Than Rathu Wela

mihindu ariyaratne
සියුම්‌ තැන්‌ රතු වෙලා.. Lyrics

සියුම්‌ තැන්‌ රතු වෙලා..
ගතේ සුම්‌ හිර වෙලා..
හැඟුම්‌ වැගිරී සැතපිලා..
කොතැනකම හෝ වැරදිලා..

මුදු වදන්‌.. පවසලා..
සුමට හිත.. සනසලා..
හීන දුම්‌ පටලලා..
සිර ගෙයක අද රඳවලා..

නෙත ගැටුණු වහ වැටුණු කෙටි කාලයේ..
ස්පර්ශයට හිරි වැටුණු අනුරාගයේ..
උමතු වී.. කෙළවරට
ගෙන ගියේ.. කිව මැනේ.. ආදරේ..

නෑ සිතුවේ සමුදෙන්න කිසි කලක දී..
දිගු නින්දෙන්‌ ඇහැරෙන්න තව කල්‌ ඇතී..
කාලයේ.. රළු කෙමක්‌
පැතිරුනෙ මහ විසක්‌.. අපෙ ලොවේ.. ජීවිතේ..

මුදු වදන්‌.. පවසලා..
සුමට හිත.. සනසලා..
හීන දුම්‌ පටලලා..
සිර ගෙයක අද රඳවලා..

සියුම්‌ තැන්‌ රතු වෙලා..
ගතේ සුම්‌ හිර වෙලා..
හැඟුම්‌ වැගිරී සැතපිලා..
කොතැනකම හෝ වැරදිලා...

Video thumbnail