සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු
මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු
අහස සූරන මැදුරූ
පාර දෙපැත්තේ
සොඳුරු සල්පිල් චල දෙව්ලොව නැනි සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දන්නේ
නිබඳ සිත ළතැවෙන්නේ
සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු
මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු
අහස සූරන මැදුරූ
ජේත්තූ කාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා..
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා..
ජේත්තූ කාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා..
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා..
දෑසින් අමතන බස් වැසුණු දොරක් විවර කරන්නේ
එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු
මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු
අහස සූරන මැදුරූ
සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා..
ඇසුවන් දුක් සින්උන ගී සින්දු සවන පිනන්නා..
සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා..
ඇසුවන් දුක් සින්උන ගී සින්දු සවන පිනන්නා..
සත හට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සවුදිය පුරන ළඳක්.. රකුසු නෙතක් පාළු කපන්නේ

සෝබාව දේ