සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බුන්දි තියනවා මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා
ගුෂ්පි රොබලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ටිලා නිලිමන්ටිලා කැමර කටාලා
අලි වංශෙන් වැඩ පෙන්නන සුපරි මෑන්ස්ලා
බර පොරවල් ෆොරන්ස් කකුල් එකට වැටීලා
ටු තව්සන්ඩ් ත්රී තව්සන්ඩ් යයි විසිකරලා
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
ටින්කිරි ටින් එකන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆෙස්ටු ෆෙස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නැහැ මගෙ වැඩ රාත්තලෙන්
කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බිලෙඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත
සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බුන්දි තියනවා මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරෙ...