සොයා පිළිසරණක්‌ ලොවෙන්‌ මා නොලැබ හව්‌ හරණක්‌

Soya Pilisaranak Lowen Ma Nolaba Hawu

sunil edirisinghe
සොයා පිළිසරණක්‌ ලොවෙන්‌ මා නොලැබ හව්‌ හරණක්‌ Lyrics

සොයා පිළිසරණක්‌ ලොවෙන්‌ මා
නොලැබ හව්‌ හරණක්‌
භවෙන්‌ භවයේ පතා ආයෙමි
හිමියනේ.. ඔබේ.. ඔබේ බුදු වදනක්‌

ගෙවා සුවහස්‌ යොදුන්‌ මේ කතරේ..
සොයා යන මං නොදැන මේ අඳුරේ..

ගෙවා සුවහස්‌ යොදුන්‌ මේ කතරේ..
සොයා යන මං නොදැන මේ අඳුරේ..
යුගෙන්‌ යුගයේ පතා ආයෙමි
හිමියනේ.. ඔබේ.. ඔබේ බුදු සිහිලක්‌

සොයා පිළිසරණක්‌ ලොවෙන්‌ මා
නොලැබ හව්‌ හරණක්‌
භවෙන්‌ භවයේ පතා ආයෙමි
හිමියනේ.. ඔබේ.. ඔබේ බුදු වදනක්‌

මහා කරුණා නුවන්‌ දිය ගැඹරේ..
ගිලී සැනහි නිවා ගිනි සසරේ..

මහා කරුණා නුවන්‌ දිය ගැඹරේ..
ගිලී සැනහි නිවා ගිනි සසරේ..
පහන්‌ වැට සේ සොයා ආයෙමි
හිමියනේ.. ඔබේ.. ඔබේ නෙතු කැල්මක්‌

සොයා පිළිසරණක්‌ ලොවෙන්‌ මා
නොලැබ හව්‌ හරණක්‌
භවෙන්‌ භවයේ පතා ආයෙමි
හිමියනේ.. ඔබේ.. ඔබේ බුදු වදනක්‌

Video thumbnail