සුභා කියා මා.. ඔබ අමතන්නද Lyrics
සුභා කියා මා.. ඔබ අමතන්නද
ස්වර්ණමාලි ලෙස.. ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ..
කොහොම ඇමතුවත්.. ඒ හා සැසදෙන.. ඔබේ රුවින්
භචය පුරා මා.. සුවපත් වන්නේ..
කිඳුරු ඇසින්.. දඹදිවම වශී කල
කිඳුරු ඇසින්.. දඹදිවම වශී කල
එදා ඉපදුණු.. සුභා ලෙසේ..
මෙදා මෙදියන.. උපන් සුභා ඔබමයි..
සුභා කියා මා.. ඔබ අමතන්නද
ස්වර්ණමාලි ලෙස.. ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ..
කොහොම ඇමතුවත්.. ඒ හා සැසදෙන.. ඔබේ රුවින්
භචය පුරා මා.. සුවපත් වන්නේ..
ළැම විල රන්.. පෙති ගෝමර මාලා
ළැම විල රන්.. පෙති ගෝමර මාලා
නුපුරුදු හැඟුමක්.. හද කැඳවයි..
ස්වර්ණමාලි ලෙස.. ඔබ අමතන්න සිතෙයි..
සුභා කියා මා.. ඔබ අමතන්නද
ස්වර්ණමාලි ලෙස.. ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ..
කොහොම ඇමතුවත්.. ඒ හා සැසදෙන.. ඔබේ රුවින්
භචය පුරා මා.. සුවපත් වන්නේ..