Sudu andumin sari muwa hasaralle

Sudu andumin sari muwa hasaralle

jaya sri
Sudu andumin sari muwa hasaralle Lyrics

සුදු ඇඳුමින්‌ සැරි මුව හසරැල්ලේ. .
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ..
තනිවන විට මා සමගින්‌..
ඉඟිකර අදි මදි කරමින්‌..
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ..

රන්තරු වටකර පායන සඳ ඇඳි සෙවණැලි සිතුවම්‌ රෑ..
සිහිනෙන්‌ ඔබ එන විට මා පිබිදෙන්‌ නෑ..
අඩවන්‌ වූ දෙනෙතින්‌ ඔබ බැලු කල මගෙ සිත ඉවසුම්‌ නෑ..
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන්‌ පෑ..

කුමරියෙ ඔබ අද මා ළඟ නෑ..

සුදු ඇඳුමින්‌ සැරි මුව හසරැල්ලේ. .
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ..
තනිවන විට මා සමගින්‌..
ඉඟිකර අදි මදි කරමින්‌..
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ....

ගංතෙර ළඟ බට පඳුරේ සිරි සිරි හඬ මට සිහිලැල්‌ පෑ..
කුලුඳුල්‌ ආදර හැඟුමන්‌ විසිරෙන්‌ නෑ..
පාසැල්‌ යන ඔබ මාවන සිහිවන විට මට ඉවසුම්‌ නෑ..
මගෙ සිත තනිවම දොඩවයි සමගින්‌ ඈ..

කුමරියෙ ඔබ අද මා ළඟ නෑ......

සුදු ඇඳුමින්‌ සැරි මුව හසරැල්ලේ. .
අරලිය ගහ යට සුවිසුරැ නිල්ලේ..
තනිවන විට මා සමගින්‌..
ඉඟිකර අදි මදි කරමින්‌....
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ..

සුදු ඇඳුමින්‌ සැරි මුව හසරැල්ලේ. .
අරලිය ගහ යට සුවිසුරැ නිල්ලේ..
තනිවන විට මා සමගින්‌..
ඉඟිකර අදි මදි කරමින්‌....
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ..

Video thumbnail