සුදු ගවුමේ ඇයි.. මඩ ගෑවුණේ
දැන් නම් ඉතින්.. ගෙදරින් බනී නංගෝ
බොර ගංදියේ.. මල් යයි ඇදී
අයියේ මගේ.. ගන්නයි ගියේ මා
ගංදෑල නම්.. නපුරුයි වගේ
නාඩන් නගේ.. මං දැන් ළඟින් ඉන්නේ
අයියා මගේ.. කවදත් හොඳයි
සැමදා ළඟින්.. ඉන්නේ මගේ පණ සේ
පුන්පෝදා සෑ මළුවේ
මට පිටුපා ඔබ උන්නේ
සිටියා බලා.. ඔබ හිනැහෙයි කියා
දුටුවේ නෑ පියමන් කළා..
සඳ එළියේම නොපෙනි ගියා
සුදු ගවුමේ ඇයි.. මඩ ගෑවුණේ
දැන් නම් ඉතින්.. ගෙදරින් බනී නංගෝ
බොර ගංදියේ.. මල් යයි ඇදී
අයියේ මගේ.. ගන්නයි ගියේ මා
අප්පච්චි ළඟ උන්නා
නැද්දෝ අයියා දුටුවේ
හිනැහෙමි කියා.. මා සිතුවත් හොරෙන්
දුක ඉවසාන පිටුපා ගියා..
ඒ දුක් ගින්න හදෙහි දරා
සුදු ගවුමේ ඇයි.. මඩ ගෑවුණේ
දැන් නම් ඉතින්.. ගෙදරින් බනී නංගෝ
බොර ගංදියේ.. මල් යයි ඇදී
අයියේ මගේ.. ගන්නයි ගියේ මා
ගංදෑල නම්.. නපුරුයි වගේ
නාඩන් නගේ.. මං දැන් ළඟින් ඉන්නේ
අයියා මගේ.. කවදත් හොඳයි
සැමදා ළඟින්.. ඉන්නේ මගේ පණ සේ