සුදු මුතු රළ පෙළ Lyrics
සුදු මුතු රළ පෙළ
ඉඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙන දුන්
මුතු කැකුලක් සේ
ඔබ මට තිළිණ වෙලා..
සුදු මුතු රළ පෙළ
ඉඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙන දුන්
මුතු කැකුලක් සේ
ඔබ මට තිළිණ වෙලා..
යුගදිවි වැල්ලේ
අඳුරු ඉසව්වේ
මුකුලිත සිතැඟි සලා..
අරුණැල්ලක් සේ..
අරුණැල්ලක් සේ නුඹ මිණ පායා
සනහස ජනිත කළා..
සුදු මුතු රළ පෙළ
ඉඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙන දුන්
මුතු කැකුලක් සේ
ඔබ මට තිළිණ වෙලා..
සැඩ රළ රැල්ලේ
සැලෙන කැදැල්ලේ
රැඳුනෙම් සරණ සොයා..
පවනැල්ලක් සේ..
පවනැල්ලක් සේ නොම හැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා..
සුදු මුතු රළ පෙළ
ඉඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙන දුන්
මුතු කැකුලක් සේ
ඔබ මට තිළිණ වෙලා..