සුදු සඳ එළියේ නල මත පොපියන
හිරිමල් කැකුලක රොන් කෙමියේ..
මුළු මල් වන ලොවැ ඉරණම සැතැපේ
කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ....
සුදු සඳ එළියේ නල මත පොපියන
හිරිමල් කැකුලක රොන් කෙමියේ..
මුළු මල් වන ලොවැ ඉරණම සැතැපේ
කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ...
සමනොල තුඬකින් පිනි බිඳු පොදෙකින්
පණ ගැන්වෙන තුරු හිමිදිරියේ...
පහන් දොරින් එන රැස් රේඛාවෙක
උණුසුම ඇසුරුව හිමිදිරියේ
පහන් දොරින් එන රැස් රේඛාවෙක
උණුසුම ඇසුරුව හිමිදිරියේ
ඉපැරණි කඳු යට සැඟැවුණු මිණි කැට
පැන පැන බැස යන දිය දහරේ...
ඇදී ඇදී හිඳ මතුවී එනවිට
මැණික් තාරකා වලට හැරේ
පොඩි රේඛාවෙක රැස් රේඛාවෙක
මැණිකක මුළු ඉරණම සැතැපී...
එක එක මැණිකක එක එක රූපෙක..
එළියෙන් නැහැවුණු මලක් පිපේ
එක එක මැණිකක එක එක රූපෙක..
එළියෙන් නැහැවුණු මලක් පිපේ
වලා පෙළින් සැදි මුතු කුඩයක් යට
තරඟ නගා ලෙලදෙන මුහුදේ...
සිඟිති දොරක් ඇති පොඩි බෙලි කටුවෙක
මුතු ඇටයක් සේ රුවෙන් සැදේ
සුදු සඳ එළියේ නල මත පොපියන
හිරිමල් කැකුලක රොන් කෙමියේ..
මුළු මල් වන ලොවැ ඉරණම සැතැපේ
කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ...