සුළඟක් වෙලා.. ඔබ සොයා.. එන්න ඕනේ..
සෙවණැල්ල වාගේ.. ඔබ ළඟින්.. ඉන්න ඕනේ..
හමුවූ දිනේ.. හිත බැඳිලා සෙනේ..
මුළු පීවිතේ.. ඔබටමයි ආදරේ..
සිත්ගත් ළඳේ.. ඔබ ළඟින්.. ඉන්න ඕනේ..
සුළඟක් වගේ.. ඔබ සොයා.. එන්න ඕනේ..
ඔබ මාගේ කීවා.. ගං ඉවුරේ.. දැවටී මා ගතේ
තුරු වදුලේ හැංගි.. සිප ගද්දි.. දැනුණා මට සුවේ
සිසිල දෙන මේ නදී තෙරේ
තුරුළු වුණු මාගේ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී
ඉඳිමු යැයි කීව කුමරියේ
ඔබ නේද දන්නේ.. තාම ඒ... රහස දන්නේ..
ඔබමයි සොයන්නේ.. සෑමදා මං පතන්නේ...
පෙර සේම ආවා.. මං සෙව්වා.. ඔබ නෑ.. ගංතෙරේ
ගලන දිය වාගේ.. ළඟ නොරැඳි.. කොහිදෝ.. ඔබ ගියේ
දියසුළිය කුරිරු වූ ලෙසේ
ඇයිද ඔබ මාව හැඬවූවේ
හඬමි මම මේ නදී තෙරේ
ඇයිද ඔබ මා දමා ගියේ
ඔබමයි සොයන්නේ.. තාම ඒ රුව සොයන්නේ
සුළඟක් වෙලා.. සෑමදා.. මං සොයන්නේ
හමුවූ දිනේ.. හිත බැඳිලා සෙනේ..
මුළු පීවිතේ.. ඔබටමයි ආදරේ..
සිත්ගත් ළඳේ.. ඔබ ළඟින්.. ඉන්න ඕනේ
සුළඟක් වගේ.. ඔබ සොයා..එන්න ඕනේ..