සුළං කෝඩයක මහා මේඝයක.. සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත.. හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ....
කොනේ සිටන් ආවාද නොදනිමි...
අවාරයේ පිපි මල් කැකුලේ...
සිහිල් දිය වැලෙක සුනිල් වන ගැබෙක තනිවී හිඳිමී...
වසත් සිහිනයක මනෝ ධ්‍යානයෙක නිදහස දකිමී...
නොවන් මා කරා සමාධියෙන් මා මුදවා...
මා නුරා මතින් පුරවා...
අවාරයේ පිපි මල් කැකුලේ...
සුළං කෝඩයක මහා මේඝයක.. සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත.. හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ....
කොනේ සිටන් ආවාද නොදනිමි...
අවාරයේ පිපි මල් කැකුලේ...
වහල් දිවිමගෙන් නුවන් යුග සරීන් හැමදා මිදෙමී...
ගිමන් නිවාලන තපෝ වාසයෙක රැඳිලා හිඳිමී...
දුහුල් සළු උනා ධ්‍යානයෙන් මා මුදවා..
මා සිතේ බවුන් බිඳලා...
අවාරයේ පිපි මල් කැකුලේ...
සුළං කෝඩයක මහා මේඝයක.. සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත.. හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ....
කොනේ සිටන් ආවාද නොදනිමි...
අවාරයේ පිපි මල් කැකුලේ...