Sulanga numba wage

Sulanga numba wage

karunarathna divulgane
Sulanga numba wage Lyrics

සුළඟ නුඹ වගෙයි.. සිත්‌ මල වටා එතෙයි
මල්‌ සුවඳ හොර හොරෙන්‌ අරන්‌.. යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි.. සිත්‌ මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක්‌ තමයි...

සිත හැඳිනුවෙත්‌ නුඹයි..
පසුපසම එලව එලවා විත්‌...
සැනසුවෙත්‌ නුඹයි..
නුඹ මගේ හිත අරන්‌ ගියා..
පුදුමයක්‌ නොවෙයි...

සුළඟ නුඹ වගෙයි.. සිත්‌ මල වටා එතෙයි
මල්‌ සුවඳ හොර හොරෙන්‌ අරන්‌.. යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි.. සිත්‌ මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක්‌ තමයි...

සිත තනි කළෙත්‌ නුඹයි
මගෙ හිතේ සියුම්‌ තැන්‌ සොය සොය
රිදෙව්වෙත් නුඹයි..
එත්‌ නුඹෙන්‌ සිත නොමිදෙයි..
පුදුමයක්‌ තමයි...

සුළඟ නුඹ වගෙයි.. සිත්‌ මල වටා එතෙයි
මල්‌ සුවඳ හොර හොරෙන්‌ අරන්‌.. යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි.. සිත්‌ මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක්‌ තමයි...

Video thumbnail