සුළඟට සැලෙනා.. සුළඟට සැලෙනා...(ඉටි පහනක් දෝ මා..) Lyrics
සුළඟට සැලෙනා.. සුළඟට සැලෙනා...
(පළඟැට් කුරුමිණි මෙරු හැපෙනා)
ඉටි පහනක් දෝ මා..
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා..
මා වට මද එළියේ..
පළඟැටි සේනා සැණකෙළියේ..
(මිහිර බිඳේ දෝ සිළුව සිඳේ දෝ)
මා කෙලෙසී යාදෝ..
ඉටි පහනක් දෝ මා..
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා..
මා වත රුවට ඇදී..
අනඟ රැඟුම් පා තරඟ වැදී..
හදවත කළඹා ගත සිත පොළඹා,
නිසසල දැහැන බිඳී..
ඉටි පහනක් දෝ මා..
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා..
කළුවර් පලස ඉරා...
මා වත දුබලව දැවෙන තුරා..
(වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ)
පණ නල ගනිති සොරා...
ඉටි පහනක් දෝ මා..
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා...
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා...
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා....