සුන්දරියේ.. ගෝමරියේ..
ඔබ නෙතින් කතා කල හැටි මට මතක තියේ..
සුන්දරියේ.. ගෝමරියේ..
ඔබ නෙතින් කතා කල හැටි මට මතක තියේ..
සුන්දරියේ.. මොහිනියේ..
මගෙ සිතේ ඔබෙ සේයාරු තවම තියේ..
වනේ පිපුණු උඩවැඩියා මල
සුවඳ විහිද වන්නේ..
දොලේ පැනා නා හැටි දැක මගෙ
සිතේ ඇලුම් බැඳුණේ..
ඔබ ගැයූ ගීත තවමත් සවනේ රැව්දේ..
ඔබෙ රැඟුම් මගේ දෙනෙතේ සිතුවම් බැඳුණේ. .
මගෙ සිතේ පැතුම් කවදා යළි ඔබ හමුවේ..
සුන්දරියේ.. ගෝමරියේ..
ඔබ නෙතින් කතා කල හැටි මට මතක තියේ..
සුන්දරියේ.. මොහිනියේ..
මගෙ සිතේ ඔබෙ සේයාරු තවම තියේ..
සිදාදියෙන් ආ නගරන් බච්චෝ
කැලෑ පොජ්ජ බොට නෑ බට්ටිච්චෝ
ලෙංගතු කම් දැම්මොත් නළු බට්ටෝ
ඉලඇට කූඩුව කඩනවා කජ්ජෝ..
මම කදිරා දැන ගන් කයිතන් ඩෝ... (ඩෝ)
ගෝමරි පැටික්කි මගෙ පණ සොච්චෝ
පංගතු කෙරුවෙයි ගොබිලයි ලොක්කෝ
ආ අත බලන් ලොක්කා මංගච්චෝ..
උබිල වැදි නායකගේ දූ බව
මමත් දැනුයි දන්නේ..
කදිරගේ අත ගන්නට ඉන්නා
වනයේ වැදි මෝහිනියේ..
ඔබ වනයට පිපිලා වනයම පරවන්නේ..
මට නගරෙන් ඔබ වැනි අය නැහැ හමුවන්නේ...
මතු ජීවිතයේ හමුවන්නට පැතුමන්නේ..
සුන්දරියේ.. ගෝමරියේ..
ඔබ නෙතින් කතා කල හැටි මට මතක තියේ..
සුන්දරියේ.. මොහිනියේ..
මගෙ සිතේ ඔබෙ සේයාරු තවම තියේ..
සුන්දරියේ.. ගෝමරියේ..
ඔබ නෙතින් කතා කල හැටි මට මතක තියේ..
සුන්දරියේ.. මොහිනියේ..
මගෙ සිතේ ඔබෙ සේයාරු තවම තියේ..