සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා..
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා..
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ..
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්..
කිසිදින අප හමු නොවන බව දනිමි..
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්..
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා..
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..
දිවයුරු සැඟවෙන මොහොතක තනිවී..
ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන්...
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා..
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්..
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා..
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා..
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..