සුපෙම් සුවඳක් අරන්..ඇවිත් සුළඟක් ලෙසින් Lyrics
සුපෙම් සුවඳක් අරන්..
ඇවිත් සුළඟක් ලෙසින්
සදා.. රැඳෙනු සිතේ..
ඔබයි මගෙ ජීවිතේ..
හිනා.. අහුරක් අරන්..
නැවුම් පැතුමක් ලෙසින්
සදා.. රැඳෙනු සිතේ..
ඔබයි මගෙ ජීවිතේ..
පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සැමදා..
ළඟින් මියෙනා තුරා
ඔබේ සෙවණට වෙලා..
දෙපා මුල දැවටිලා..
රැඳී ඉන්නම් සදා..
හදින් සෙනෙහස පුදා..
සුපෙම් සුවඳක් අරන්..
ඇවිත් සුළඟක් ලෙසින්
සදා.. රැඳෙනු සිතේ..
ඔබයි මගෙ ජීවිතේ..
ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පිර සිත සැනසුනා..
හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා..
ඇවිත් සසරේ සරා..
හිතේ නැවතුනු නිසා..
මමත් ඔබගෙයි සදා..
සුපෙම් සුවඳක් අරන්..
ඇවිත් සුළඟක් ලෙසින්
සදා.. රැඳෙනු සිතේ..
ඔබයි මගෙ ජීවිතේ..
හිනා අහුරක් අරන්..
නැවුම් පැතුමක් ලෙසින්
සදා.. රැඳෙනු සිතේ..
ඔබයි මගෙ ජීවිතේ. .