රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ෂ්‍යා හිතෙනා වග
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව
හැබැවින් නුඹෙ රුව අත්විඳිනා සඳ..
තරුකැට පරදන නුඹේ නුවන් යුග..
ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු නුරාව..
සනසවන්න මට ඉඟි කරනා හැටි..
සුරඟන කිරිල්ලියේ
සඳ නුඹ ගැනමයි කතා කලේ..
නිල්වන් ගුවන්තලේ
පියඹා යමු රෑ නිසංසලේ..
සුරඟන කිරිල්ලියේ
සඳ නුඹ ගැනමයි කතා කලේ..
නිල්වන් ගුවන්තලේ
පියඹා යමු රෑ නිසංසලේ..
නුඹෙ වරලස සුදු මල් ගවසන්නට..
නුඹෙ වත සිප සනසාලන්නට..
නුඹෙ උණුහුම ළඟ ඉඳ විඳ ගන්නට..
ආසයි නුඹෙ සිතුවමක් අඳින්නට...
නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ළඟ තියාන
හිනා පොදක් වී හිඳින්න මං ළඟ
සූරඟන කිරිල්ලියේ...
නිල්වන් ගුවන්තලේ..
සූරඟන කිරිල්ලියේ...
නිල්වන් ගුවන්තලේ..
පියඹා යමු රෑ නිසංසලේ..
සුරඟන කිරිල්ලියේ
සඳ නුඹ ගැනමයි කතා කලේ..
නිල්වන් ගුවන්තලේ
පියඹා යමු රෑ නිසංසලේ..
සුරඟන කිරිල්ලියේ කිරිල්ලියේ..
සඳ නුඹ ගැනමයි කතා කලේ.. කතා කලේ..
නිල්වන් ගුවන්තලේ
පියඹා යමු රෑ නිසංසලේ..
සුරඟන කිරිල්ලියේ කිරිල්ලියේ..
සඳ නුඹ ගැනමයි කතා කලේ.. කතා කලේ..
නිල්වන් ගුවන්තලේ
පියඹා යමු රැ නිසංසලේ..
සුරඟන කිරිල්ලියේ
සඳ නුඹ ගැනමයි කතා කලේ..
නිල්වන් ගුවන්තලේ
පියඹා යමු රැ නිසංසලේ...