Susum podak wee Lyrics
සුසුම් පොදක් වී..
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස
සිතූ සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සඳ
හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා..
මේ කුළු සේ විත්
නිල් අහසේ රැඳි
ගිම්කල නිමවා
හදට රහසේ බැඳි..
මන කුමුදු විලේ පිපුණු..
සුවඳ කුසුම් නුඹ සොඳුරු..
සුසුම් පොදක් වී..
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස
සිතූ සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සඳ
හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා..
දිගත හමායන
මද පවනක් වී
රෑ කල සිහිනෙක
හද තුල සැඟවී..
මුදු කැලුම් සලා දිගැසින්..
රැය පුරා ගෙනේ සරදම්..
නුඹේ අකීකරු හිතින් නොවේ.. මට අස්වැසුම්..
සුසුම් පොදක් වී..
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස
සිතූ සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සඳ
හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා..