සුසුමක දැවටිලා කඳුළින් බොඳ වෙලා
මතකේ... ඔබෙ ආදරය තිබුණා..
තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුරා
රහසේ.. පැතූ ආදරය සැමදා...
සංසාර සිහිනයක මා..
සිත සරතැස නිවා.. මදහස දැල්වුණා..
දැනුණා ඔබෙ ආදරය දැනුණා හැම හුස්මක පවා..
සීත සෘතුවේ.. මල් හීන වෑහුණේ..
සඳ සිසිල අපටම නිසා..
ආදරේට පාට ගේන මා සිදංගනා..
හිනැහෙන්න දෙනුවන් අයා..
උණුහුමට හිත පිරුණු මගෙ ආදරෙේ..
ඔබෙ නමටමයි හිමි ප්‍රියේ..
මට දෙන්න මියුලැසියේ ඒ ආදරේ..
විකසිත වෙන්න මුළු ජීවිතේ..
ස්නේහ නිම්තෙරේ.. සිත් ආදරෙන් පිරේ..
සුහදිනිය ඔබ ළඟ නිසා..
පාරමී පුරා ගෙනාව ප්‍රේම කල්පනා..
කොළඳුරන්න මට ළංවෙලා..
ඔබ නේන සඳවතියේ නොනිදා හදේ..
සිහිලැල් හැඟුම් සයනයේ..
විඳගන්න ඉඩදෙන්න ඒ ආදරේ..
පැතූ සේම සංසාරයෙේ..
සිත සරතැස නිවා.. මදහස දැල්වුණා
පායා.. සඳ අහසේම දිලුනා..
ගනඳුර සේදුනා තරු මිණි දැල්වුණා
දැනුණා ඔබෙ ආදරය දැනුණා හැම හුස්මක පවා...