සුසුමක වෙළීලා

Susumaka Welila Hamuwemu Aye Sansare

ruwan hettiarachchi
සුසුමක වෙළීලා Lyrics

සුසුමක වෙළීලා
මුසුව වන හැඟුමකි රැයේ පුරා..
හදවත ගැහීලා
හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා..

සඳ කතා.. කොඳුරනවා..
හිත පුරා.. ළංවී ඔයා..
හිත නිවා.. සනසනවා..
මතු සදා.. ඉන්නෙම් පතා..

දැනෙනවා.. මැවෙනවා..
රැය නොනිදා.. සිහිවෙනවා..
සසර පුරා.. පතනවා..
අපි මතුදා.. හමුවෙනවා..

පෙරුමන්‌ පුරාලා..
නුඹගේ රුව මවනෙමි සිතනා මතා..
මතකය මවාලා..
රඳව ගමී නුඹවම හදේ සදා..

වත පුරා.. දැවටෙනවා..
මතු සදා.. මාගෙයි කියා..
සිත පවා.. විමසනවා..
නෙතු මවා.. අහසේ පුරා..

දැනෙනවා.. මැවෙනවා..
රැය නොනිදා.. සිහිවෙනවා..
සසර පුරා.. පතනවා..
අපි මතුදා.. හමුවෙනවා..

තරු පිපුණාවේ.. අහසේ..
තරු මල්‌ වලටත්‌ රහසේ..
සුසුමක්‌.. සුසුමට ළංවීලා
හමුවෙමු ආයේ සංසාරේ..

දැනෙනවා.. මැවෙනවා..
රැය නොනිදා.. සිහිවෙනවා..
සසර පුරා.. පතනවා..
අපි මතුදා.. හමුවෙනවා..

දැනෙනවා.. මැවෙනවා..
රැය නොනිදා.. සිහිවෙනවා..
සසර පුරා.. පතනවා..
අපි මතුදා.. හමුවෙනවා..

Video thumbnail