සුවඳැති කොළ වල පෙම්‌ වදන්‌

suwadathi kola wala sms

Daddy
සුවඳැති කොළ වල පෙම්‌ වදන්‌ Lyrics

සුවඳැති කොළ වල පෙම්‌ වදන්‌ ලියපු කාලේ
මුද්දර අලව අලව ලියුම්‌ යවපු තාලේ
සයිකලේ පාග පාග ඒවා බෙදපු පියුමේ
සමාවෙයන්‌ මම නෑ ලියුම්‌ දෙන්නේ ආයේ..

උදේ.. ඉඳන්‌.. හවස්‌ වෙනකන්‌
අතේ. . මුදල්‌... සතේට හිඳෙනකන්‌
අතේ ඇඟිලි රිදෙනකන්‌
කෙල්ල නිදිය ගන්නකන්‌
වචන රචන කරන එකම ක්‍රමය

ලියල යවන ලියුම්‌ වගේ.. කල්‌ යන්‌ නෑ
Read කරලා erase කරොත්‌.. අහු වෙන්‌ නෑ
කෙල්ල නිදිය ගන්නකන්‌
මටත්‌ නිදිමත වෙනකන්‌
වචන රචන කරන එකම ක්‍රමය
SMS

මම යැව්වා hello sweet කෙල්ලෙ ඔයා කොහෙද කියලා
එයා අහල එවුචා හවසට අපි හමුවෙමු දැයි කියලා
Type කරලා කොතන කීයටදැයි දැනගන්නට ඕනා
ඒත්‌ credit නෑනේ phone එකෙන්‌ messages ම ගහලා

උදේ.. ඉඳන්‌.. හවස්‌ වෙනකන්‌
අතේ. . මුදල්‌... සතේට හිඳෙනකන්‌
අතේ ඇඟිලි රිදෙනකන්‌
කෙල්ල නිදිය ගන්නකන්‌
වචන රචන කරන එකම ක්‍රමය
SMS

උදේ.. ඉඳන්‌.. හවස්‌ වෙනකන්‌
අතේ. . මුදල්‌... සතේට හිඳෙනකන්‌
අතේ ඇඟිලි රිදෙනකන්‌
කෙල්ල නිදිය ගන්නකන්‌
මටත්‌ නිදිමත වෙනකන්‌
මට reply එනකන්‌
Battery බැහැලම යනකන්‌
ඉරිදට පල්ලි යන ගමන්‌
සඳුදට පන්ති යන ගමන්‌
මස්සිනා ගෙදර ඉන්නකන්‌
ගහ යට බලන්‌ ඉන්නකන්‌
ආදරේ කියා ගන්නකන්‌
ඇගෙ සිත දිනා ගන්නකන්‌
දින තුන හතරක්‌ ගෙවුණත්‌
අතේ ඇඟිලි රිදෙනකන්‌
SMS කර කර හිටපන්‌ (පං.. පං...)

Video thumbnail