ශ්වේත  මීදුම්‌ ඉරා-දෙනෙත්‌ මග ඇහිරූ

swetha meedum ira channa kinnaravi

Bachi Susan
ශ්වේත  මීදුම්‌ ඉරා-දෙනෙත්‌ මග ඇහිරූ Lyrics

ශ්වේත  මීදුම්‌ ඉරා.. දෙනෙත්‌ මග ඇහිරූ..
ජීවිතේ සීත සෘතූවේ.. ගිරි දුර් ග අතරින්‌..
මා එක්ක එනවාද.. චන්න කින්නරාවී..
මා එක්ක එනවාද.. චන්න කින්නරා..වී..

රළු පොළව මතින්‌ දිවෙනා.. විඩාබර දිගු ගමනේ..
මෘදු සිනිදු දෙපා රිදෙනා.. වේදනා සුසුම්‌ අතරේ..
ආදරේ ශේෂ වේවිද.. චන්න කින්නරාවී..
මා එක්ක එනවාද.. චන්න කින්නරා..වී..

ශ්වේත  මීදුම්‌ ඉරා.. දෙනෙත්‌ මග ඇහිරූ..
ජීවිතේ සීත සෘතූවේ.. ගිරි දුර් ග අතරින්‌..
මා එක්ක එනවාද.. චන්න කින්නරාවී..
මා එක්ක එනවාද.. චන්න කින්නරා..වී..

සඳ නිවී ගිය රාත්‍රියේ.. තාරකා ගොළුව ගන අඳුරේ
ළය මතින්‌ වැතිරී.. සොඳුරු හීනයට ඉඩදී..
හිනැහෙන්න පුළුවන්ද.. චන්න කින්නරාවී..
හිනැහෙන්න පුළුවන්ද.. චන්න කින්නරාවී..

හිනැහෙන්න පුළුවන්ද.. චන්න කින්නරාවී..
හිනැහෙන්න පුළුවන්ද.. චන්න කින්නරා..වී...

Video thumbnail