තහනම් දැන් මට ඔයාගේ රූපේ පෙනෙනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැඳිලා ඔබ වටා
මේ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවී දුරට මාගෙන්
පුළුවන්නම් තබමි කාලේ නවතලා.....
අපි ආයෙ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා
මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා.....
තහනම් දැන් මට ඔයාගේ රූපේ පෙනෙනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැඳිලා ඔබ වටා
මේ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවී දුරට මාගෙන්
පුළුවන්නම් තබමි කාලේ නවතලා.....
ඇයිදෝ මේ බාදා අපි කාටත් වරදක් කරලා
මේ කඳුලක් පාසා පෙම තව වැඩි වුනා
නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ
ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා
අන්සතුවෙයි කියා හිතන්නත් එපා
සදාකල් මගෙමයි ඔයා
ආදරයේ නාමෙන් මේ තාක් වින්දේ දුක විතරයි
ඒ කියලා කත් නෑ පිලිගන්නේ
ජීවිතයම මාගේ පවතින්නේ ඔබෙ සෙනෙහෙ ඉන්නයි
මා හැර ඔබ ගියොතින් අසරන වේවී මා
ඉතින් කිසිමදා වෙනස්වෙන්නෙපා
සදාකල් මගේමයි ඔයා