Thaksalawen yanna awasara Lyrics
තක්සලාවෙන් යන්න අවසර...ඇදුරුතුමියනී....
හදේ කුලුඳුල්.. උපන් ප්‍රේමය
ලියා අවසන්.. නුඹේ නමටම
නුඹ නොදත් මගෙ.. ප්‍රේමයේ නාමෙන්..
හිමි කමක් නැති.. ප්‍රේමයක් කොතරම්..
හද දවයි දෝ.. නොම දනී ලොව නම්..
ඇදුරු හදකට.. පෙම් බඳිනු.. තහනම්....
සිතක සම්මත.. ඉමට මෙපිටින්
තබා මා සින.. වඳිමි පා බැතියෙන්..
නෙලනු බැරි මල්.. මේ තරම් සුවඳින්..
කිම පිපෙන්නේ... ඇසට අත වනමින්..
නුඹට පෙම් බැඳි.. තනි සිතේ.. කඳුළින්..
නෙලා ඔබේ රුව.. හදේ හරි මැද
සමුගනිමි මම.. ප්‍රේම සිතුවිල්ලෙන්..
තක්සලාවෙන් යන්න අවසර...ඇදුරුතුමියනී....
හදේ කුලුඳුල්.. උපන් ප්‍රේමය
ලියා අවසන්.. නුඹේ නමටම
නුඹ නොදත් මගෙ.. ප්‍රේමයේ නාමෙන්..