තාම මතකේ Lyrics
තාම මතකේ නුඹම ඉන්නවා
සිහිවෙද්දි කදුළු වන්දි ගෙවනවා
නුඹ දන්නේ නැති උනත්
මම දන්නවා අදත්
තාම ඉස්තරම් නුඹයි කියා
වේදනාවක් ගෙනෙනා
කාරණාවක් නොයෙනා
අපගේ ලෝකෙක
ආයේ හමුවෙමු...
හැම හීනයේ පෙනෙන්නෙත්
ඇස් ඉදිරියේ දකින්නෙත්
මට පුරිදු ඔය රූපෙමයි
මගෙ රත්තරං
මා රැවටුනු තැන් ඇතත්
නුඹ රවටපු තැන් ඇතත්
අපේ ආදරේ තැන වටී
ඒ ජීවිතේ
නුඹ දන්නෙ නැති උනත්
මම දන්නවා අදත්
තාම ඉස්තරම් නුඹයි කියා
වේදනාවක් ගෙනෙනා......
අද අපි අපේ ලඟින් නෑ
නුඹේ ආදරේ අයිති නෑ
හිත පාලුවෙන් තනිවෙලා
නුඹ දන්නේ නෑ
මුලු ලෝකයක් ලඟ උනත්
මගේ ජීවිතේ ඉදිරියෙන්
නුබේ ආදරේ අයිතියක්
මං කියන්නෑ රත්තරං
නුඹ දන්නෙ නැති වුනත්
මම දන්නවා අදත්
තාම ඉස්තරම් නුඹයි කියා
වේදනාවක් ගෙනෙනා......