තනි මට මේ තරමට රිදවා

thani mata me tharamata ridawa

Damith Asanka
තනි මට මේ තරමට රිදවා Lyrics

තනි මට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක්‌ ලැබිලා

නුඹ මා රිදවා.. ඔහු සතුටු කළා අද
මා මෙතැනම ඉන්නම් රැඳිලා
නුඹ මා රිදවා.. ඔහු සතුටු කළා අද
මා මෙතැනම ඉන්නම් රැඳිලා

වැටෙන වැටෙන හුස්මක්‌ පාසා
නුඹව මට සිහී වෙලා
මුතුකැට පෙම්‌ පතම පුරා
කඳුළු වලින්‌ අද බොඳ වීලා

මගෙ හිතත්‌ අරන්‌.. නුඹ යන්න ගියා අද
මා මෙතැනම ඉන්නම් රැඳිලා
මගෙ හිතත්‌ අරන්‌.. නුඹ යන්න ගියා අද
මා මෙතැනම ඉන්නම් රැඳිලා..

වරදක්‌ කෙරුවද මා.. කිසිදා
පෙම්‌ කල කාලේ පුරා
අහිතක්‌ නොහිතන හිත මා ඔබ හා
ඉන්නවා ඔබ දෙසම බලා

මා තනි වෙන්නම්‌.. නුඹ හිනැහේ නම්‌
මා මෙතනම ඉන්නම්‌ රැඳිලා
මා තනි වෙන්නම්‌.. නුඹ හිනැහේ නම්‌
මා මෙතනම ඉන්නම්‌ රැඳිලා

තනි මට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක්‌ ලැබිලා

නුඹ මා රිදවා.. ඔහු සතුටු කළා අද
මා මෙතැනම ඉන්නම්‌ රැඳිලා
නුඹ මා රිදවා.. ඔහු සතුටු කළා අද
මා මෙතැනම ඉන්නම්‌ රැඳිලා

Video thumbnail