තනි යහන මගේ Lyrics
තනි යහන මගේ
සිතට ඔබේ
නොපෙනේද ප්‍රියේ
මේ රාත්‍රියේ....
සෝගීනි ඇවිලී
විරහී හද හී...
ඔබට පිදු පෙමිනි...
ප්‍රේමය නම් රස අඳුනෙන් දොවා
මෝහන මන්මද හැඟුම් මවා
ආලයේ අමා මිහිරේ
ඔබ ලමැදේ සුවයහන සදා ...
සෝක සුසුම් මතකයෙන් ගලා
පාලු යහන් ගැබ ගිලන් වෙලා.
වේදනා නිවා මහදේ
යලි ඔබගේ රුව දකින තුරා
තනි යහන මගේ ...