තනිවී සිටින්නයි මා.. අදහස් කළේ Lyrics
තනිවී සිටින්නයි මා.. අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින්.. එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ.. සවන් යොමු කළේ
වේදනා පිර ලොවක්.. ඔබයි බිහි කළේ
මගෙ පාළු ලෝකයේ.. තනිවු මෙමා..
සක්විති රජුන් හමුවේ.. නැත හිස නමා..
සිතුවිලි මගේ හසුරා.. ගත හැක නමා..
මට දුක සිතෙන්නේ.. ඔබ ගැන තමා..
තනිවී සිටින්නයි මා.. අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින්.. එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ.. සවන් යොමු කළේ
වේදනා පිර ලොවක්.. ඔබයි බිහි කළේ
ඔබෙ චේතනා අගනා.. මා සිත දනී..
අවට ලෝකයේ බැලුම්.. විස කටු වැනී..
ඒ කටු අපේ දෙහදේ.. ගැඹුරේ ඇනී..
ගලන දුක් වේදනා.. රුධිරය වැනී..
තනිවී සිටින්නයි මා.. අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින්.. එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ.. සවන් යොමු කළේ
වේදනා පිර ලොවක්.. ඔබයි බිහි කළේ...