තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ..
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ..
කොපමණ තිබුණත් කල හොඳ නරකයි
යන කල ගෙනියන්නේ...
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ...
සටනට වැදුණේ ලේ සෙලවූයේ
අපමණ දිවි නැසුවේ..
සටනට වැදුණේ ලේ සෙලවූයේ
අපමණ දිවි නැසුවේ..
මිතුරන් නැතිවියේ සතුරන් ඇතිවියේ
මොනවද ඔබ ලැබුවේ...
මොනවද ඔබ ලැබුවේ..
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ..
පුතු සැන සෙව්වද.. බිරිඳට සැනසුම
දුන්නද සැමියකු සේ..
පුතු සැන සෙව්වද.. බිරිදට සැනසුම
දුන්නද සැමියකු සේ..
ජීවිතයම ඔබෙ.. ඔබට බරක් විය
තනිවුණි මෙලොව කුසේ..
තනිවුණි මෙලොව කුසේ..
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ..
එකම හදක් ඔබ.. සතුටු කළෙහි නම්
ඉන් ඇත හිතට සුවේ..
එකම හදක් ඔබ.. සතුටු කළෙහි නම්
ඉන් ඇත හිතට සුවේ..
එහෙම දෙයක් නැත.. ඔබට මැරෙන්නත්
නිදහස නොමැත ලොවේ..
නිදහස නොමැත ලොවේ..
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ..
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ..
කොපමණ තිබුණත් කල හොඳ නරකයි
යන කල ගෙනියන්නේ...
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ..