Tharu mal yayama podi kara ahas wile Lyrics
තරුමල් යායම පොඩිකර අහස් විලේ..
ඉරහඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා.. ඈ ගිය දවසේ
මා හැරදා.. ඈ ගිය දවසේ
දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැතී..
පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැතී..
තැවුණේ දැවුණේ පිරිසිඳු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කල උමතුවෙනි
තරුමල් යායම පොඩිකර අහස් විලේ..
ඉරහඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා.. ඈ ගිය දවසේ
මා හැරදා.. ඈ ගිය දවසේ
නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී..
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී..
තැවුණේ දැවුණේ පිරිසිඳු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කල නිසාවෙනි
තරුමල් යායම පොඩිකර අහස් විලේ..
ඉරහඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා.. ඈ ගිය දවසේ
මා හැරදා.. ඈ ගිය දවසේ...