තරු වෙරළේ.. සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා..
හිනැහෙමු ඒ.. පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා..
තරු වෙරළේ.. සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා..
හිනැහෙමු ඒ.. පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා..
මල් පිපිලා ඇස් මානේ නෙත් පැහැයන් පුරවා..
හිතට දැනුණා හිත් පතුලට මල් සුවඳක් එබුණා..
හොරෙන් ඇවිදින් පිනි කඳුළක් සිත් සායම් තිබ්බා..
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා..
මගෙ ළඟ ඉඳන්.. ලොකු ඇස් පියන්
වස්සාවි හිත් යායේ වරුසා...
මිතුරේ මගෙ නිල් මල් හීනේ..
සුරකීවා ඔය දෑස වගේ..
මිතුරේ මගෙ නිල් මල් හීනේ..
සුරකීවා ඔය දෑස වගේ..
තරු වෙරළේ.. සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා..
හිනැහෙමු ඒ.. පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා..
මල් පිපිලා ඇස් මානේ නෙත් පැහැයන් පුරවා..
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා..
මගෙ ළඟ ඉඳන්.. ලොකු ඇස් පියන්
වස්සාවි හිත් යායේ වරුසා..
මිතුරේ මගෙ නිල් මල් හීනේ..
සුරකීවා ඔය දෑස වගේ..
මිතුරේ මගෙ නිල් මල් හීනේ..
සුරකීවා ඔය දෑස වගේ..
තරු වෙරළේ.. සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා..
හිනැහෙමු ඒ.. පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා..
සා රී රී රාරා.. සා රී ලේ රාරා..
සා ට රේ රාරා රේ රා..
සා රී රී රාරා.. සා රී ලේ රාරා..
සා ට රේ රාරා රේ රා...