තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ..
කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැළඳුණාවේ...
හෙට දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට අප නත් යොමු වේවා..
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා...
යන එන හැමතැන...
සෙවණැලි විලසේ
කිසි මොහොතක හෝ..
කිසි මොහොතක හෝ.. වෙන් නොමවේවා
ඒ මගද එකටයි යන්නේ සෙනෙහේ පුදා..
සෙනෙහෙ පුදා.. ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා...
තරුයායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ..
කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැළඳුණාවේ...
හෙට දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට අප නත් යොමු වේවා..
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා...
ඔබ අප අතරට..
කිසියම් දිනයක
නොපැතූ ලෙසකින්.. භහෝ..
නොපැතූ ලෙසකින්.. මරු ළං විනි නම්
ඒ මගද එකටයි යන්නේ සෙනෙහේ පුදා..
සෙනෙහේ පුදා.. ජීවිතේ පුරා