තරුද නිදන මහ රෑ.. Lyrics
තරුද නිදන මහ රෑ..
නිදමි මහද නිදි නෑ..
මතක පොතේ කඳුළින් කටු ගෑ..
කවි කියවෙයි මහ රෑ..
තරුද නිදන මහ රෑ..
නිදමි මහද නිදි නෑ..
මතක පොතේ කඳුළින් කටු ගෑ..
කවි කියවෙයි මහ රෑ..
පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්
තරුද නිදන මහ රෑ..
නිදමි මහද නිදි නෑ..
මතක පොතේ කඳුළින් කටු ගෑ..
කවි කියවෙයි මහ රෑ..
සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුණු කුසුම්
තරුද නිදන මහ රෑ..
නිදමි මහද නිදි නෑ..
මතක පොතේ කඳුළින් කටු ගෑ..
කවි කියවෙයි මහ රෑ..
තරුද නිදන මහ රෑ..
නිදමි මහද නිදි නෑ..
මතක පොතේ කඳුළින් කටු ගෑ..
කවි කියවෙයි මහ රෑ..