තත් තත් තත් තාර පැටියා.. තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා.. නාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි..

කිරට ගියා අම්මි පුතේ.. කිරි එරවා එන්ට පුතේ

කිරි මුටිටිය අතින් පුතේ.. ගඟේ වැටී දොයි..
අම්බිලියෝ පිනෝ පිනෝ.. වළං කඳක් ගෙනෝ ගෙනෝ..
අන්න පුතේ මුවා වෙලා..... වලාකුළේ දොයි..
අන්න පුතේ මුවා වෙලා..... වලාකුළේ දොයි..
තත් තත් තත් තාර පැටියා.. තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා.. නාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි..
ඔන්න බබෝ ඇබතින්නියා.. ගල් අරඹේ සිටින්නියා

ගලින් ගලට පනින්නේ නෑ.. බබුට බයේ දොයි..
චූටි බබා කෝ කියා.. පුතාට දොයියන්න කියා
කෝකිලයා අන්න පුතේ.. දිවුල් ගහේ දොයි..
කෝකිලයා අන්න පුතේ. . දිවුල් ගහේ දොයි..
තත් තත් තත් තාර පැටියා.. තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා.. නාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි..
දොම් තරිකිට නාං කියා.. තරිකිට තක දෝං කියා
දොම් තරිකිට තාං කියා.. තරිකිට තක දෝං කියා
වැල ගෙඩියක් ආං පුතේ.. ගහෙන් වැටී දොයි..
ඔන්න බබෝ බිලු එනවෝ.. අඬන ළමයි අල්ලනවෝ
අනේ මෙහේ එන්න එපෝ.. අපේ පුතා දොයි..
අනේ මෙහේ එන්න එපෝ.. අපේ පුතා දොයි..
තත් තත් තත් තාර පැටියා.. තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා.. නාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි..
තාත්ති අතේ දොයිය පුතේ.. තාත්ති අතේ දොයි...