Thaththa wage nuba gana ath rajune Lyrics
තාත්තා වගේ නුඹ ගැන.. සොයමින් නිතිනේ..
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ..
නුඹෙ පයකින්ම අප්පච්චිට... වින කෙරුණේ..
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ..
මා ඔය දිගේ නුඹෙ මඩ.. සෝදා හැරලා..
පොල් බොඩ කිතුල් බොඩ.. නුඹ වෙනුවෙන් හොයලා..
ලද සොච්චමට වැඩියෙන්.. දහදුක් විඳලා..
අප දුක සැප බැලුවෙ.. නුඹෙ කුසගිනි නිවලා..
තාත්තා වගේ නුඹ ගැන.. සොයමින් නිතිනේ..
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ..
නුඹෙ පයකින්ම අප්පච්චිට.. වින කෙරුණේ..
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ..
බත්පත ඉදෙන විට පින්.. දුන්නේ නුඹට..
බඩගිනි දැනෙනවා.. දැන් වැඩියෙන් අපට..
ආවොත් අප්පච්චි.. ආයෙත් අපෙ ලොවට..
අප ගාවට කලින්.. එන්නේ නුඹ ළඟට...