තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි වුණාවු
මහ වැඩකට පෙළඹෙනාවු
අපි දැකලා එයා අඬනවා
තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි වුණාවු
මහ වැඩකට පෙළඹෙනාවු
අපි දැකලා එයා අඬනවා
ඇයි කොහෙද එයා..
නෑ නෑ දැන් එයා මෙහේ නෑ..
ඉරට එළිය අඩු වුණාට
සඳට එළිය අඩු වුණාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඩට අහුවුණාට
ඇඟෙන් බිඳක් අඩු උනාට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ
තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි වුණාවු
මහ වැඩකට පෙළඹෙනාවු
අපි දැකලා එයා අඬනවා
ඇයි කොහෙද එයා..
නෑ නෑ දැන් එයා මෙහේ නෑ..
ඉසුරු අහුරු මල පුරාපු
අමුතු ලොවක අප රඳාපු
සිහින සිහින නොවේ සැම දිනේ
දිනක අපට අප පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ
තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි වුණාවු
මහ වැඩකට පෙළඹෙනාවු
අපි දැකලා එයා අඬනවා
ඇයි කොහෙද එයා..
නෑ නෑ දැන් එයා මෙහේ නෑ...