Thawa dawasak hamuwee Lyrics
තව දවසක්.. හමුවී.. ඉමු මේ භවේ..
එක සැරයක්.. දුටුවත්.. ඇති දෑස් ඔබේ..
ඔබ වෙනුවෙන්.. හැඬුව තරම්.. කියන්න හීන් සැරේ...
තව දවසක්.. හමුවී.. ඉමු මේ භවේ..
මද පවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පදුරේ ගෙවෙන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ ජීවිතේ..
පාළුයි මගේ..
තව දවසක්.. හමුවී.. ඉමු මේ භවේ..
එක සැරයක්.. දුටුවත්.. ඇති දෑස් ඔබේ..
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ ආදරේ..
ගීයක් වගේ..
තව දවසක්.. හමුවී.. ඉමු මේ භවේ..
එක සැරයක්.. දුටුවත්.. ඇති දෑස් ඔබේ..
ඔබ වෙනුවෙන්.. හැඬුව තරම්.. කියන්න හීන් සැරේ...
තව දවසක්.. හමුවී.. ඉමු මේ භවේ..