තව දිනක් ගෙවුණා.. Lyrics
තව දිනක් ගෙවුණා..
පෑළදිග අහසේ..
හුදකලා වී ඔහේ පාවෙන
වලාවක් බඳු.. ජීවිතේ..
තව දිනක් ගෙවුණා..
ඔබෙන් තොර
අයාලේ යන ජීවිතේ..
තව දිනක් ගෙවුණා..
පෙරත් ජාතියෙහි පාතාගෙන
ආ හැටිද අපි දෙන්නා..
දෛවයෝගය මේ නම්..
යළිත් හමුවන වරම් අහිමිව
හිතේ කෙඳිරිලි ලොවට සඟවා
තවත් දවසක් කල්ප කාලය
ගෙවමු තනි තනියෙන්.. තනිවම
සරත් සමයේදී වැටී කොළ
සුළං වැද පාවෙන්නා..
සොබාදහමත් ඒ නම්
වසන්තය යළි ඒද නේවිද
සානුකම්පා මන්ද මාරුත
හිතේ ගින්දර නිවා සනහා
අප දිහා හෙට හෝ බලාවිද
තව දිනක් ගෙවුණා..
පෑළදිග අහසේ..
හුදකලා වී ඔහේ පාවෙන
වලාවක් බඳු.. ජීවිතේ..
තව දිනක් ගෙවුණා..
ඔබෙන් තොර
අයාලේ යන.. ජීවිතේ..
තව දිනක් ගෙවුණා...