The kudaya kare bandan lechchami

The kudaya kare bandan lechchami

freddie silva
The kudaya kare bandan lechchami Lyrics

තේ කූඩය පිටේ බැඳන්‌ උඹ එනවා කන්ද උඩින්‌
මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙච්චමි..
මගෙ ලෙන්ගතුකමට ඉතින්‌ කාගෙත්‌ ඇස්‌ වහලා හොරෙන්‌....
තනිපංගලමේ ඉඳින්න වරෙන්‌ ලෙච්චමී..

දැක්කම ඔය වගෙ කියාව්‌ මැටම කරච්චල්‌ කොරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කොරන්නේ..
ලැයිමේ ඈයො පද හදාවි පුච්චානම්‌ මට කියාවි
ආන්ඩවනේ ඕවට මම කැමතිම නෑනේ......

සිදාදියේ වේල්‌ පොලට උඹ එක්කර ගෙන යන්නම්‌...
අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්‌

මාත්තියා චක්ක අපෝ මට බැරියෝ ඒකට නමි
වත්තේ ඉඳිල්ලත්‌ නැතිවෙයි මට මොකටද ඔය කෝලම්‌

තේ කූඩය පිටේ බැඳන්‌ උඹ එනවා කන්ද උඩින්‌
මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙච්චමි..
මගෙ ලෙන්ගතුකමට ඉතින්‌ කාගෙත්‌ ඇස්‌ වහලා හොරෙන්‌....
තනිපංගලමේ ඉඳින්න වරෙන්‌ ලෙච්චමී..

දැක්කම ඔය වගෙ කියාව්‌ මැටම කරච්චල්‌ කොරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කොරන්නේ..
ලැයිමේ ඈයො පද හදාවි පුච්චානම්‌ මට කියාවි
ආන්ඩවනේ ඕවට මම කැමතිම නෑනේ......

වත්තෙ මහත්තයා වෙලත්‌ විඳගෙන ලම්‌ නව නින්දා
මම මේ හැටි වද විඳින්නේ උඹ හට ආදරෙ හින්දා...

එතෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා
මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානේ මම බැන්දා...

තේ කූඩය පිටේ බැඳන්‌ උඹ එනවා කන්ද උඩින්‌
මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙච්චමි..
මගෙ ලෙන්ගතුකමට ඉතින්‌ කාගෙත්‌ ඇස්‌ වහලා හොරෙන්‌....
තනිපංගලමේ ඉඳින්න වරෙන්‌ ලෙච්චමී..

දැක්කම ඔය වගෙ කියාව්‌ මැටම කරච්චල්‌ කොරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කොරන්නේ..
ලැයිමේ ඈයො පද හදාවි පුච්චානම්‌ මට කියාවි
ආන්ඩවනේ ඕවට මම කැමතිම නෑනේ......

තනිපංගලමේ ඉඳින්න වරෙන්‌ ලෙච්චමී..
මාත්තියා මොකද්ද මට විහිළු කොරන්නේ..
තනිපංගලමිී ඉඳින්න වරෙන්‌ ලෙච්චමී..
මාත්තියා මොකද්ද මට විහිළු කොරන්නේ..
තනිපංගලමේ ඉඳින්න වරෙන්‌ ලෙච්චමී...

Video thumbnail