තෙරක් නොදන්නා.. මේ භව කතරේ..
සැරිසරනා මා.. මිනිසෙක් දෝ..
මිනිසත් කම ලුහු.. බඳිනෙක් දෝ..
නොමියන මිනිසා මැරී මැරී උපදී
ලෝ දම් දුන් මව් කුසට ගැලී
නොපෙනෙන ගමනක් යන ඔහු නොදනී
කප්පරයක් මව්වරුන් වැදූ
ආත්ම ගමනක කොටුවෙන මගියා
එන මරු සිපගනි සැපට වැසී
කවදද මරු පරදා ජය ගන්නේ
නොමියෙන.. මිනිසෙකු විලස භවේ..
තෙරක් නොදන්නා.. මේ භව කතරේ..
සැරිසරනා මා.. මිනිසෙක් දෝ..
මිනිසත් කම ලුහු.. බඳිනෙක් දෝ..
ඉපදෙන අතමිට ලමාලවන් යන්නේ
භව පින පව ඉරහඳ වාගේ..
ඇලී ගැලී නිර කරයි කිළිටු කය
හැමදාටම හැර නොයනා සේ
එතෙමින් බැඳෙමින් හිර කර ගනිමින්
සුරලෝ සැපත සොයයි ලෝකේ..
මිනිස් කමට එන්නේ කවදද හැර
මේ ලෝ සැප පෙවි මරු කතරේ..
තෙරක් නොදන්නා.. මේ භව කතරේ..
සැරිසරනා මා.. මිනිසෙක් දෝ..
මිනිසත් කම ලුහු.. බඳිනෙක් දෝ..
පමා නොවී සොයපල්ලා නුඹ ඇයි
ලැබුවේ අයිතිය මහා පොළොවේ...
එක වට කැරකෙන ඉරණම් ගමනේ
හැඩය වෙනස් කර සදාකලේ..
මරණය මරලා ජය ලබනට
හැකි කම සෙව්මයි මනු භවේ හරේ
කවදද මරු පරදා ජය ගන්නේ
නොමියෙන.. මිනිසෙකු විලස භවේ...