Thisara wile piuma nelu sinawe Lyrics
තිසර විලේ පියුම නෙලු සිනාවේ..
එළිය මගේ අරණ දොවා ගලා ඒ..
ඒ සිනාවේ.. සැඟවුණාවේ....
පෙර ඔබත් මමත් පෙළු කඳුළු දුමාරේ..
තිසර විලේ පියුම නෙලු සිනාවේ..
එළිය මගේ අරණ දොවා ගලා ඒ...
ඒ සිනාවේ.. සැඟවුණාවේ..
පෙර ඔබත් මමත් පෙළු කඳුළු දුමාරේ...
ආදරයේ.. හීන මවා..
ජීවිතයේ.. පාර කියා..
ආදරයේ.. හීන මවා..
ජීවිතයේ.. පාර කියා..
සංසාර මගට රන් එළිවැට සේමා
ඔබ ඉරත් හඳත් මගෙ අහසට ගෙනාවා
මාරුතයේ.. සිහිල සදා..
සෝ විරහී.. තාප නිවා..
මාරුතයේ.. සිහිල සදා..
සෝ විරහී.. තාප නිවා..
අනුරාග දෙනෙත අයදින විලසේ මා
ඔබ විලත් බිඟුත් එක යහනට ගෙනාවා...
තිසර විලේ පියුම නෙලු සිනාවේ..
එළිය මගේ අරණ දොවා ගලා ඒ..
ඒ සිනාවේ.. සැඟවුණාවේ...
පෙර ඔබත් මමත් පෙළු කඳුළු දුමාරේ..
තිසර විලේ පියුම නෙලු සිනාවේ......