තුන් සිත දැහැන් ගතවෙනා..
සිතුවිලි සසල කරවනා..
පදවැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වරණ
හිත ළඟ ගයනවද ඔයා..
තුන් පැය අතර නිමවෙනා..
මතකය අතර රැඳවෙනා..
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා..
නෙතකට කඳුළු ගෙනදෙනා..
නරඹන සිතද හඬවනා..
දුක්බර ප්‍රේම රැඟුම
සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා..
තනිකම සිතට කැඳවනා..
තනිවම සිතින් වැලපෙනා..
දුක්බර විරහ ගැයුම
සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා..
තුන් සිත දැහැන් ගතවෙනා..
සිතුවිලි සසල කරවනා..
පදවැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වරණ
හිත ළඟ ගයනවද ඔයා..
තුන් පැය අතර නිමවෙනා..
මතකය අතර රැඳවෙනා..
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා..
පෙම්බර වදන් මැලවිනා..
දුක්බර දෙබස් නම් එපා..
සිනමා ලොවක මිසක
දිවියක සැබෑ ලොවක
දුක්බර චරිතයක් එපා..
සුන්දර අදහසක් කියා..
දුක්බර පදවැලක් ලියා..
සත්සර අතර මිසක
සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා..
තුන් සිත දැහැන් ගතවෙනා..
සිතුවිලි සසල කරවනා..
පදවැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වරණ
හිත ළඟ ගයනවද ඔයා..
තුන් පැය අතර නිමවෙනා..
මතකය අතර රැඳවෙනා..
සිනමා පටයෙ රැඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා...
හිත ළඟ ගයනවද ඔයා...
හිත ළඟ රඟනවද ඔයා...
හිත ළඟ ගයනවද ඔයා...
හිත ළඟ රඟනවද ඔයා...
හිත ළඟ ගයනවද ඔයා....