උඩවැඩියා මලක්‌ වෙලා

udawadiya malak wela

Chamara Weerasinghe
උඩවැඩියා මලක්‌ වෙලා Lyrics

උඩවැඩියා මලක්‌ වෙලා දුරින්‌ උන්නට..
හිත පාරමි පුරන්නේ දුර ඈත ඉඳන්ම..
උඩවැඩියා කුමාරි රජ මැදුරේ උපන්න..
මට අවසර නැද්ද ඇවිත්‌ නෙලා ගන්නට..

ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්‌ම..
මගෙ හිත ඔබ ළඟ නැවතී මටත්‌ හොරෙන්ම..
ලෙන්ගතු වු ළය සුසුමින්‌ සිදුරු කරන්න..
සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න..

උඩවැඩියා මලක්‌ වෙලා දුරින්‌ උන්නට..
හිත පාරමි පුරන්නේ දුර ඈත ඉඳන්ම..
උඩවැඩියා කුමාරි රජ මැදුරේ උපන්න..
මට අවසර නැද්ද ඇවිත්‌ නෙලා ගන්නට..

පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක්‌ විඳින්න..
ආදරයේ නැවුම්‌ සුවඳ අරගෙන එන්න..
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න..
දුරින්‌ ඉන්න එපා තවත්‌ මට රිද්දන්න..

උඩවැඩියා මලක්‌ වෙලා දුරින්‌ උන්නට..
හිත පාරමි පුරන්නේ දුර ඈත ඉඳන්ම..
උඩවැඩියා කුමාරි රජ මැදුරේ උපන්න..
මට අවසර නැද්ද ඇවිත්‌ නෙලා ගන්නට..

Video thumbnail