උදුම්බරා මනාලියේ

udumbara manaliye

Dayarathna Ranathunga
උදුම්බරා මනාලියේ Lyrics

උදුම්බරා.. මනාලියේ..
රුවින්‌ උතුම්‌.. කුමාරියේ..
උදුම්බරා.. මනාලියේ..
රුවින්‌ උතුම්‌.. කුමාරියේ..
උදුම්බරා..

අංජන මධු සුවඳ පැනින්‌ රුසිරි වත දොවා
රංගන මනමාල බැලුම්‌ දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන්‌ දොරටු වසන්‌ රුවින්‌ උතුම්‌ කුමාරියේ

උදුම්බරා.. මනාලියේ..
රුවින්‌ උතුම්‌.. කුමාරියේ..
උදුම්බරා..

කෝකිල රජ දහන්‌ පවා හඬින්‌ උමතු වෙලා
සීගිරි සුරදූත ළඳුන්‌ හොරෙන්‌ මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන්‌ දොරටු වසන්‌ රුවින්‌ උතුම්‌ කුමාරියේ

උදුම්බරා.. මනාලියේ..
රුවින්‌ උතුම්‌.. කුමාරියේ..
උදුම්බරා.. මනාලියේ..
රුවින්‌ උතුම්‌.. කුමාරියේ..
උදුම්බරා...

Video thumbnail